Reason and Result

ඔබ මේ ජීවිත කාලයෙහි සමාජයේ වැදගත් පිළිගත් පුද්ගපයෙකු වීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේ ඔබ බුද්ධ පුතිමා නිර්මාණය කිරීමේ කුසලය එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයෙහි ගමන් පහසුව සදහා විවිධ වාහන ලැබීමේ හේතුව කුමක්ද?

ඉහත ආත්මයේ ඔබ අන් අයගේ පහසුව සදහා පාරවල්, පාලම් සෑදීම හා පිලිදකර කිරීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයෙහි හොද ඇදුම් පැලදුම් ලැබීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී ඔබ ගුණ යහපත් පැවදි උතුමන්ට සිවුරැ පිරිකර පිරිනැමීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයෙහි රසවත් කෑම බීම ලැබීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී දුප්පතුන්ට රස ආහාර පිලිගන්වා තිබීම එයට

හේතුවයි


ඔබ කෑම බීම නැතිව දුක් විදින්නේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී පරිත්යාග නොකර තද මසුරැව ජීවත් වීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයෙහි හොද නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව කුමකුද ?

ඉහත ආත්මයේදී ඔබ සිල්වත් ගුණවත් පැවිදි උතුමන්ට දානය පිලිගන්වා තිබීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයෙහි සන්තෝෂයත්, දියුණුවත් ඇතිවීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී ඔබ පන්සල් ,ආරාම, සමාජයේ කාටත් පරිහරණය කල හැකි පොදු ස්ථාන සාදා තිබීම එයට හේතුවයි


ඔබ මේ ජීවිත කාලයෙහි ලස්සන , කඩවසම් වී සිටීමට හේතුව කුමකුද ?

ඉහත ආත්මයේදී ඔබ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පූජාකර තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී ඉතා විශ්වාසවන්ත ස්වාමි භාර්යා සම්බන්ධතාවයක් පැවැත්වීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී ඔබ ඉතා අලංකාර ලෙස බුදුමැදුරැ , ලස්සන තිර රෙදි , බුමුතුරැනු දමා අලංකාර කර තිබීම එයට හේතුවයි


ඔබට මේ ජීවිත කාලයේදී මාපියන් දෙදෙනාම සිටීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී ඔබ තනි වූ අසරණ අයට ගෞරවාන්විත ලෙස උදව් උපකාර කර තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී කවුරැත් නැති අනාතයෙක් වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී සතුන්ට හිරිහැර කිරීම හා කුරැල්ලනට කැටපෝල වලින් විද හිරිහැර කිරීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයේදී පවුලේ සාමාජිකයින් ගොඩක් ලැබී ඇත්තේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී බුද්ධ දේශණා මුද්රණය කොට බෙදාහැර තිබීම එයට හේතුවයි.


ඔබගේ මේ ජීවිත කාලයේදී තරැණ දරැවන් මරණයට පත්වන්නේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී දරැවන් පවුලට කරදරයක් යැයි සිතා විනාශ කර දැමීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයේදී වස්තුවට හිමිකම් නැතිව යන්නේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී පුරැද්දක් ලෙස මල් විනාශ කර තිබීම එයට හේතුවයි

.

ඔබ මේ ජීවිත කාලයේදී ඉතා හොද ශරීර සෞඛ්යක් ඇතිව ඉතාමත් විනෝදයෙන් දීර්ඝායු ලබන්නේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී කූඩු වී සතුන්ට නිදහස ලබා දී තිබීම එයට හේතුවයි

.

ඔබට මේ ජීවිත කාලයේදී ආයුෂ අඩු වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී සතුන් මරා තිබීම එයට හේතුවයි.


ඔබට මේ ජීවිත කාලයේදී සහකාරියක් නොලැබීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී අන් අඹුවන් කරා ගොස් තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී දාසියක් වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී සමාජ සම්මතයන්ට පිටුපා ගුණමකුවකු වී සිටීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී හොදින් පෙනීම ලැබීයට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී පහන් වලට හොදින් තෙල් දමා ආලෝක පූජාව කර තිබීම එයට හේතුවයි


ඔබ මේ ජීවිත කාලයේදී අන්ධයෙකු වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී සත් වසන්කර අන් අය මුලාකර තිබීම එයට හේතුවයි


ඔබ මේ ආත්මයේදී කට ඇදවී ඉපසීමට හේතුව කුමක්ස ?

ඔබ ඉහත ආත්මයේදී බුදුගෙයි මල් ආසන මත දැල්වෙමින් තිබූ පහන් කටින් පිඹ නිවා දැමීම එයට හේතුවයි


ඔබ මේ ජීවිත කාලයේදී ගොළු හා බිහිරිව ඉපදීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී දෙමාපියන්ට බැණ වැද තිබීම එයට හේතුවයි


ඔබ මේ ජීවිත කාලයේදී කුදු වී සිටින්නේ ඇයි?

ඔබ ඉහත ආත්මයේදී බෞද්ධයන්ට සමච්චල් කර තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී අත් පා වාරැ නැතිව සිටින්නේ ඇයි?

ඔබ ඉහත ආත්මයේදී අත් පා වලින් දුෂ්ඨ වැඩ කර තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී අබ්බගාතයෙකු වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී සොරකම් කර තිබීම එයට හේතුවයි


ඔබ මේ ජීවිත කාලයේදී අශ්වයෙකු හෝ ගවයෙකු වී ඉපදීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී ඔබ ණය කරැවෙකුව සිටීමත්, ණය නොගෙවා සිටීමත් එයට හේතුවයි.


මේ ආත්මයේදී බල්ලලෙකු හහෝ ඌරෙකු වීමට හේතුව කුමක්ද ?

ඉහත ආත්මයේදී අනිත් අයව රැවටීමට හා පීඩාවට පත්කර තිබීම එයට හේතුවයි.


ඔබ මේ ජීවිත කාලයේදී සුව නොවන රෝගයකින් පෙලෙන්නේ ඇයි ?

ඔබ ඉහත ආත්මයේදී සිලිවත් භික්ෂූන් හට මස් මාංශ පිලිගන්වා තිබීම එයට හේතුවයි .


ඔබ මේ ජීවිත කාලයේදී හොද ශරීර සෞඛයෙන් යුක්ත වීමට හේතුව කුමක්ද ?

ඔබ ඉහත ආත්මයේදී රෝගීන් සුව වීම සදහා බෙහෙත් පිලිගන්වා තිබීම එයට හේතුවයි

.

ඔබ මේ ජීවිත කාලයේදී හිරේ විලංගුවේ වැටීමට හේතුව කුමක්ද?

ඔබ ඉහත ආත්මයේදී අන්කම්පා විරහිතව දුෂ්ට විඩ වල යෙදී තිබීය එයට හේතුවයි.

..






1 comment: