යෝග ව්‍යායාම සහ භාවනා ක්‍රම

බද්ධ පද්මාසන

මෙය පද්මාශනයයෙහිම වෙනස්‌ වූ ආසනයකි. මෙම ආසනය මඟින් සෞඛ්‍ය තත්ත්වයෙහි වැඩි දියුණුවීමක්‌ සහ ශරීර ශක්‌තිය ඇතිවීමක්‌ සිදුවෙයි. භාවනා ආසනයක්‌ නොවෙයි. මෙය ඉතාම දුෂ්කර යෝගාසනයකි. මෙය කිසිවෙකුට කළ නොහැකි නම් ඔබේ බලාපොරොත්තු කඩකර ගත යුතු නැත. ඉවසිලිවන්තව උත්සාහ කිරීම තුළින් සම්පූර්ණ කරගත හැකි වේ.

යෙදිය යුතු ක්‍රමය

පද්මාසන ලෙසටම හිඳගන්න. ඔබගේ විලුඹ උදරයෙහි යට කොටසෙහි වැදී තිබිය යුතුය. ඔබේ දකුණු අතේ බාහුව හැකිතාක්‌ පිටුපසට යවන්න. ඔබේ උරහිස ද පිටුපසට හැකිතාක්‌ හකුළුවා වම්පැත්තේ උකුළ අසලට ගේන්න. ඉන්පසු කකුලෙහි ඇඟිලිවලින් මහපට ඇඟිල්ල අල්ලා ගන්න. එලෙසම ඔබේ වම් අතේ බාහුවද හැකිතාක්‌ පිටුපස්‌සෙන් ගෙන දකුණු කකුලෙහි මහපටඟිල්ල අල්ලා ගන්න. කෙලින් හිඳගෙන සාමාන්‍ය පරිදි ආශ්වාස, ප්‍රශ්වාස කරන්න.

අත්වන ප්‍රතිඵල

මෙම ආසනයෙහි යෙදීමෙන් දණහිසට ශරීරයෙහි බර ඉසිලීමේ ශක්‌තිය ලබාදෙයි. වළලුකර සන්ධි ශක්‌තිමත් වෙයි. කකුලේ විලුඹ දෙකටම සෑහෙන ප්‍රමාණයකට ව්‍යායාම ලැබෙයි. මෙම ආසනයෙහි දිගටම යෙදෙන අයගේ හෘදයේ, පෙනහළුවල, උදරයෙහි, අක්‌මාවෙහි, කොඳුඇටවල දුර්වලතා ටිකෙන් ටික මැඩ පවත්aවයි. එපමණක්‌ නොව දණහිස්‌වල ඇති සියලු වේදනා හා වළලුකරවල වේදනා අඩු කරයි. එලෙසම බඩේ රිදුම්, අජීර්ණ, බඩේ වාතය පිරී තිබීම වැනි රෝග තත්ත්වයන් සමනය කරයි.

ස්‌නායු ශක්‌තිමත් කොට ලිංගික ශක්‌තිය ඇතිකර ධාතු ශක්‌තිය බලගන්වයි. මළ බද්ධය නිතර හැදෙන අයට වඩාම ගුණදායක ආසනයකි.

යෙදිය යුතු කාලය

සාමාන්‍යයෙන් විනාඩියක්‌ හෝ දෙකක්‌ රැඳී සිටින්න. ක්‍රමයෙන් විනාඩි 10 දක්‌වා රැඳී සිටීම වැඩි කරන්න.

අර්ධ වක්‍රාසන


මෙම ආසනය ශරීරයෙහි ඉහළ කොටස හොඳින් ඇඹරෙන ලෙස මෙම අභ්‍යාසය කෙරෙයි. කොඳු ඇට පෙළ සහ පිටුපස මාංශපේශී ඉතා හොඳින් ඇදීමෙන් ශක්‌තිමත් වෙයි.

යෙදිය යුතු ක්‍රමය

පොළොව මත හිඳගන්න. ඔබේ පාද දෙක ඉදිරියට දිග හැර පාද සමාන්තරව තබන්න. ඉන්පසු ඔබේ දකුණු කකුල නවා වම් කකුලෙහි දණහිස අසල පිට පැත්තෙන් ගෙන ඔබේ වම් අත දිගහැර දකුණු කකුලට පිට පැත්තෙන් ගෙන වම් දණහිස මත තබන්න. ඉන්පසු දකුණු අත ගෙන ඉණට තබාගන්න. කඳ කෙලින් තබා ගන්න. ඉණ පිටුපස වම් පැත්තට හරවන්න. ඔබේ හිස ද උරහිසට සමාන්තරව තිබෙන සේ හරවා හැකිතාක්‌ පිටුපස බලන්න. ඉතාම සෙමින් හුස්‌ම ගන්න. නැවත මුල් අවස්‌ථාවට පැමිණෙන තෙක්‌ම පාද දෙකම උපයෝගී කරගෙන වම හා දකුණු පැති සඳහා කඳ හරවමින් මෙම ව්‍යායාමය හොඳින් කරන්න. මෙම ආසනය දිනපතා හතර පස්‌ වතාවක්‌වත් කළ යුතුය.

අත්වන ප්‍රතිඵල

මෙම ආසනය ප්‍රධාන වශයෙන් ඉඟටිය ප්‍රදේශයට හා ආමාශයට සම්බන්ධ ඉJද්‍රියන්ට ප්‍රතිඵල ගෙනදෙයි. මෙමඟින් ශුක්‍රධාතු හොඳින් බලගන්වයි. ශුක්‍රධාතුවල දුර්වල අයට හොඳ ආසනයකි. මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට පත්වෙයි. කාන්තාවන්ගේ ගර්භාෂය බලවත් කරවයි.

මෙම යෝගාසනය මගින් ඔබේ ශරීරයේ ඉඟටිය හා ආමාශ ප්‍රදේශවල ඇති වේදනා කැක්‌කුම් අඩු කරයි. මළබද්ධය ඉවත් කරයි.

යෙදිය යුතු කාලය
තත්පර 06-08 දක්‌වා වුවද සෑහේ.

පද්මාසනය


පද්ම යන්නෙහි අර්ථය නෙළුම් මල යනුයි. මෙම ආසනයෙහි යෙදී සිටින විට පිපුණ නෙළුම් මලක විලාශය දක්‌වන බැවින් එයට පද්මාසනය ලෙස නම් තබා ඇත. කමලාසන යනුවෙන් ද සමහරු හඳුන්වන පද්මාසනය මන්ත්‍ර ගායනය සඳහා හා භාවනා කිරීමට යෝග්‍යතම ආසනය වෙයි. ගැහැනු අය සහ පිරිමි අය සඳහා හිතකර යෝගාසනයකි.

යෙදිය යුතු පිළවෙල

පොළව මත හිඳගන්න. කකුල් දෙක පොළොව මත දිග හරින්න. දකුණු කකුල ගෙන නවා වම් කලවය මත තබන්න. වම් කකුල නවා දකුණු කලවය මත තබන්න. සමහර අය පළමුව වම් කකුල නවා දකුණු කකුල පසුව නවා වම් කකුල මත තබනවා. එම ක්‍රම දෙකම නිවැරදියි. අත් දෙකම උඩ පැත්තට සිටින ලෙස තබාගෙන මාපටඟිල්ලෙහි අග දබරඟිල්ලට තබන්න. ඔබගේ හිස සහ පිට කොන්ද Rජුව තබාගන්න. භාවනාවකදී දෑස වසා ගැනීම වඩා හොඳයි.

අත්වන ප්‍රයෝජන

මෙම ආසනය ප්‍රයෝජනවත් වෙනවා ප්‍රාණයාම කිරීම සඳහා ධාරණය කරගැනීම සහ සිත එකඟ කර ගැනීම සඳහාත් භාවනා කිරීම තුළින් ධ්‍යාන ලබා ගැනීමටත්, සිත සමාධිගත කිරීමට හා ආත්ම දමනය සඳහාත් ඉවහල් වෙයි. ජීවන ශක්‌තිය ඇති කරයි. අධික තරබාරුව නැතිකර ශරීරයට සුව පහසුව ගෙනෙයි.

යෙදිය යුතු පිළිවෙල

මුල් අවස්‌ථාව තුළ විනාඩියක්‌ හෝ විනාඩි දෙකකි. පසුව එය ටිකෙන් ටික කාලය වැඩිකර ගත හැකියි.

යෝගාසන වර්ග

01. හිඳගෙන යෙදෙන ආසන

02. උඩුබැලි අතට හිඳගෙන යෙදෙන ආසන

03. උදරය මතින් යෙදෙන ආසන

04. අත් උපයෝගී කරගෙන යෙදෙන ආසන

05. දණහිස උපයෝගී කරගෙන යෙදෙන ආසන

06. පාදවලින් සිටගෙන යෙදෙන ආසන

07. හිස උපයෝගී කරගෙන යෙදෙන ආසන

No comments:

Post a Comment